(සනත් ගමගේ )
හම්බන්තොට සුරුවිරුගම ප්‍රදේශයේ දී වන අලියෙක් පහරදීමෙන් දෙදරු පියෙකු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ හම්බන්තොට සූරියවැව සුරුවිරුගම පදිංචි හේවා සුදුහකුරුගේ අජිත් රණසිංහ (33) නැමැති දෙදරු පියෙකි.
රාත්‍රි කාලයේදී මිය ගිය පුද්ගලයා නිවසේ සිට එළියට පැමිණි අවස්ථාවේ දී වත්තට පැමිණ සිටි වන අලියා පහරදීමෙන් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු කරාපිටිය මහ රෝහලට මාරුකර යැදවීමේදී මිය ගොස් ඇත.
මෙම ප්‍රදේශය නිරන්තරයෙන් වනඅලි බහුල වශයෙන් ගම්වදින ප්‍රදේශයක් බව ගැමියෝ පවසති.සිද්ධීයට අදාල වන අලියා ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා වනජීවී නිලධෘරීන් එකව කටයුතු කරනු ලබයි.