ක.ග කරුණාරත්න
ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ ගම් වැදී සිටි වන අලියෙකු පලවා හැරීමේ මෙහෙයුමට එක්ව සිටි වනජීවී නිලධාරියෙකුට වන අලියකු පහරදීම හේතුවෙන් අද (19) සවස එම නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගිරාදුරුකෝට්ටේ පොලිසිය කියයි.
වනජීවී නිලධාරී කණ්ඩායම අලියා පලවා හැරීමට උත්සාහ කරමින් සිටියදී අලියා ඔවුන් පසුපස පන්නාගෙනැවිත් තිබෙන අතර එම අවස්ථාවේ දිව යමින් සිටි මේ නිලධාරියා බිම වැටී ඇති අතර අලියා පැමිණ පාගා දමා තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ.
එම අනතුරින් මියගොස් ඇත්තේ වනජීවී අඩවි ආරක්ෂක නිලධාරියෙකු වන පදියතලාව, සේරන්කඩ පදිංචි වසන්ත මෙන්නෙන්ඩආරච්චි නමැති 58 හැවිරිදි තිදරු පියෙකි.