ඉන්දික අරුණ කුමාර
වන අලියකු පහර දීමෙන් නාඋල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලිහිනිපිටිය - අකරහඩුව ප‍්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි නාඋල පොලිසිය පවසයි.
ලිහිනිපිටිය ප‍්‍රදේශයේ සිය නිවස ආසන්නයේ රැදී සිටියදී වන අලි ප‍්‍රහාරය එල්ල වී ඇති බවත් මිය ගොස් ඇත්තේ ලිහිනිපිටිය - අකරහාඩුව ලිපිනයේ පදිංචිව සිටි නාලක රුවන්කුමාර (28) සහ එම ලිපිනයේම පදිංචිව සිටි කමල් සුමුදු හේරත් (28) නැමති තරුණයෝ වෙති.
ඡායාරූප - විරාජ් අබයසිරි