(සුජිත් හේවාජූලිගේ)
වනාන්තර එළි පෙහෙළි කිරීම ඇතුළු වන අපරාධ 3887ක් ගිය වසරේදී වාර්තා වී ඇතැයි මහවැලි සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මේ වන අපරාධ සම්බන්ධයෙන් 3887දෙනෙකු රුපියල් හයකෝටි පනස් තුන් ලක්ෂ අසූ හතර දහස් පනහක් වටිනා වාහන හා උපකරණ සමඟ අත්අඩංගුවට ගන්නා ලදැයි අමාත්‍යශයේ නිලධාරියෙක් පැවසීය.
වන අපරාධ සම්බන්ධයෙන් 36 දෙනෙකු සිරගත කර ඇති අතර තවත් නඩු විස්සකට අදාළ පුද්ගලයන්ට අවවාද කර ඇත.
මෙයට අමතරව නඩු 2138කට අදාළ පුද්ගලයන්ගෙන් රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක මුදලක් එකතු කරගෙන ඇතැයි ද අමාත්‍යංශය සඳහන් කරයි.