වතුකම්කරු සත්‍යග්‍රහයේ යෙදෙන පූජකවරයෙකුගේ මෝටර් රථයට ප්‍රහාරයක්



(රංජිත් රාජපක්ෂ )                     
 
හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ වතුකම්කරුවන් පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහයට නායකත්වය ලබාදෙන සමස්ත ලංකා හින්දු මහ සභාවේ සභාපති සහ කඳුරට හින්දු පූජක සංවිධානයේ  ලේකම් ශ්‍රීව ශ්‍රී වේලු ශර්මා පූජකවරයාගේ මෝටර් රථයට කිසියම් පිරිසක් පහර දී අලාභ හානි කර ඇතැයි දිඹුලාගල පොලිසිය කියයි.
                 
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස පූජකවරයාගේ නිවස ඉදිරිපිට තිබූ මොටර් රථයට කොටගල මේෆිල්ඩ් වත්ත ප්‍රදේශයෙන් ත්‍රිරෝද  රථයකින් පැමිණි නාදුනන තිදෙනෙකු විසින් අද (04) මුගුරු වලින් පහර දී පලාගිය බව පුජකවරයා පැවසීය.   
                      
වතුකරය නියෝජනය කරන දේශපාලනඥයින් මෙම පහර දීම කරන්නට ඇති බවත්, 71 වන නිදහස් සැමරුම් දිනයේදීත් රට තුළ කිසිදු නිදහසක් නොමැති බවත්, මෙම පහර දීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඔහු ඉල්ලා සිටී.     
                   
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පරීක්ෂණ පවත්වයි.