වතු නිවාස පෙළක ගින්නක්


 

 

රංජිත් රාජපක්ෂ

                        
බගවන්තලාව පොලිස් වසමට අයත් රොබ්ගිල් වතුයායේ බොනකොට් කොටසේ වතු නිවාස පේළියක හට ගත් ගින්නකින් වතු නිවාස 12 ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

අද (29) පෙරුවරු 11.45 ට පමණ මෙම ගින්න  හටගෙන තිබේ. ගින්න හට ගන්නා අවස්ථාවේ එහි පදිංචි වතු කම්කරුවන් රැකියාවල නිරතව සිටි නිසා ගින්න සිඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය කියයි.

ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය හා ඔහුන්ට අයත් අත්‍යවශ්‍ය ලියකියවිලි ද ගින්නෙන් විනාශ වී තිබේ.

පැතිර  යමින් තිබු ගින්න වතු කම්කරුවන් පිරිසක් එක් වි පාලනය කිරිමට සමත් වි ඇති අතර ගින්න පාලනය කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකය ද සහයෝගය පසුව  ලැබි ඇත.

ගින්නෙන් කිසිවෙතුටත් අනතුරක් සිදු වි නොමැති අතර ගින්නෙන් පවුල් 12 කට අයත් සමාජිකයන් 42 දෙදෙනෙකු අවතැන් වි ඇත.