(හැටන් රංජිත් රාජපක්ෂ)
වතු කම්කරුවන්ගේ මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසත් වතු කම්කරුවන්ට තනි නිවාස යෝජනා ක්‍රමයක් ඉදි කර දෙන ලෙස ඉල්ලා වව්නියාවේ තරුණයෙක් පාපැදියකින් කිලෝමිටර් 2125 ගමන් කරමින් බලධාරින් දැනුවත් කිරිමේ වැටසටහනක් දියත් කරයි.
වව්නියාවේ පදිංචි ධර්මලිංගම් ප්‍රදිපන් නැමති 44 හැවිරිදි මෙම පාපැදිකරු ඉකුත් 10ද වෙනිදා වව්නියාවෙන් ගමන් ආරම්භ කර අද (23) පස්වරුවේ හැටන් නගරයට ලඟාවුණා.
ස්වයං රැකියාවක නිරතව සිටින ධර්මලිංගම් ප්‍රදිපන් මහතා දිනකට කිලෝමිටර 80ත් 100 අතර දුර ප්‍රමාණයක් පාපැදියෙන් ගමන් කරන අතර ඔහුගේ සිය ඉලක්කය අවසන් වන්නේ මාර්තු මස 13 වන දින බව ධර්මලිංගම් ප්‍රදිපන් කියා සිටියි.
වව්නියාව අනුරාධපුරය, මහනුවර , රත්නපුර , අවිස්සාවේල්ල , ගින්ගත්හේන , හැටන් ,නුවරඑලිය , බදුල්ල, මොණරාගල, පොතුවිල් , මඩකලපුව , පොලොන්නරුව, ත්‍රිකුණාමලය , මුලතිව් , කිලිනොච්චිය , යාපනය හරහා යලිත් වව්නියාවට ලගා විම ඔහුගේ අපෙක්ෂාවයි.
වව්නියාවේ තරුණයන් පිරිසක් සහ මග තොටදි තමන්ට හමුවන මිතුරන් තම ගමනට සහයෝගය දක්වන බවයි ධර්මලිංගම් ප්‍රදීපන් මහතා කියා සිටියේය.