ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් බැරකම් පිළිබඳ පනතට අනුව තොරතුරු ලබා ගන්නා පුද්ගලයින්ට එම තොරතුරු ලබා ගැනීම සහ ඒවා අනාවරණය කිරීම සඳහා දැනට පවත්නා බාධක ඉවත් කිරීමට එම පනත වහාම සංශෝධනය කරන ලෙස ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය රජයෙන් ඉල්ලා සිටියි.
දැනට ස්ථාපිත 1975 අංක 01 දරන පනතට අනුව කිසියම් පුද්ගලයෙකුට දේශපාලනඥයින්ගේ සහ නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ රුපියල් 750.00 ක් ගෙවා ලබා ගත හැකි වුවත් ඒවා ප‍්‍රසිද්ධ කිරීමට හෝ අන්සතු කිරීමට නොහැක. ඒ අනුව පනතෙහි 7(4* වගන්තිය 7(5) වගන්තිය සහ 8 වගන්තිය ඉවත් කර එසේ කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට ඇති හැකියාව සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු බව ද ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය රජයට යෝජනා කර සිටී.