වටරැක අනතුරින් බිලිඳා මියයයි


(කේ. බුද්ධික කුමාරසිරි)
 
පාදුක්ක - කොළඹ මාර්ගයේ වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේ දී සිදුවු අනතුරින් තුවාල ලබා රෝහල් ගත කළ බිලිඳා මිය ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

බීමත් රියදුරෙකු පැද වූ මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.

තුවාල ලැබු කාන්තාව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයගේ එක් කකුලක් බිඳී ගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මීගොඩ දාම්පේ සමනල උයන ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඉමෙත් දම්සර බටගොඩ නමැති මාස දෙක හාමාරක බිලිදෙකි.

අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථයේ රියදුරු දැඩි ලෙස බීමත්ව සිටි බවත් එම මෝටර් රථයෙහි තිරිංග පද්ධතිය ද නිසි ආකාරයෙන් කි‍්‍රයා නොකරන බවත් අනාවරණය විය.

සැකකරු හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කිරීමට නියමිතය.