(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ, මුල්ගම ප්‍රදේශයේ වගා ළිඳකට වැටි පුද්ගලයකු අද (18) අලුයම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බලන්ගොඩ මුල්ගම බදුලුවාව ප්‍රදේශයේ පදිංචි ව සිටි 48 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති උදය බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ සිදුකෙරේ.