රංජිත් රාජපක්ෂ
කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලොරි රථයේ රිය සහයකයා එම රථයටම යට වී මියගිය බව වටවල පොලිසිය පවසයි.
අද (13) අලුයම 3 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලිනා වත්ත ප්‍රදේශයේදිය.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ නුවරඑළිය හාවාඑළියේ පදිංචි ධර්මලිංගම් මුරුගන් (47) නැමැති තිදරු පියෙකි.
පොහොර ටොන් 10 රැගෙන ධාවනය වී ඇති ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා විවේක ගැනීම සඳහා ලොරි රථය ප්‍රධාන මාර්ගය අභියස ගාල්කර මදක් විවේක ගෙන යළිත් ලොරි රථය පන ගන්වා ධාවනය කරවන අවස්ථාවේ ලොරි රථයේ ආරක්ෂාවට පසුපස රෝදයේ තැබු අඩයක් ගැනීමට රිය සහයකයා උත්සහ කිරිමේදී ලොරි රථය පසුපසට ඇදී රිය සහයකයා යට වී ඇති බව පොලිසිය පවසයි.