ලොරියක් පෙරැළි අයෙක් මරුට


(ශාන්ත චන්ද්‍රසිරි)


තලවකැලේ-ඇල්ජීන් වෙල්ලිමලේ  ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරෙළීයාමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙකු අද (15) මියගොස් ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.


මෙසේ මිය ගොස් ඇත්තේ ලිඳුල, මාඋස්සාඇල්ල පහළ කොටසේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇත.


ලිපකැලේ ප්‍රදේශයේ මාර්ගයක් සැකසීම සඳහා  සිමෙන්ති රැගෙන යමින් සිටියදී ලොරි රථයේ සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ පල්ලමකට පෙරළි මෙම අනතුර සිදුව තිබේ.

අනතුරු සිදුවන අවස්ථාවේ ලොරි රථයේ පුද්ගලයන් නව දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවත් ඔවුන් සියලුම දෙනා ලොරි රථය මාර්ගයෙන් ඉවතට පෙරළීයාමේදී බිමට පැන ඇති බවත්   ජීවිතක්ෂයට පත් පුද්ගලයාද ලොරි රථයෙන් පිටතට පැනීමට යාමේදී මෙම අනතුරුට ලක්ව  ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ලොරි රථයේ රියදුරා පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම අනතුරු සම්බන්ධයෙන් ලිඳුල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.