ලොරි රථයක ගැටී කාන්තාවක් මරුට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම මධ්‍යම අට්ටවිල්ලුව ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි 76 හැවිරිදි කාන්තාවක් ලොරි රථයක ගැටී අද (30) මරණයට පත්වී ඇති බව පුත්තලම පොලිසිය කියයි .

මෙසේ මරණයට පත්වී ඇත්තේ මධ්‍යම අට්ටවිල්ලුව පදිංචි සිසිලියා  නැමති අවිවාහක කාන්තාවක් බව පොලිසිය පැවසීය.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත්වී සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරාට රියදුරු බලපත්‍රයද නොමැති බවත් ලොරි රථයේ ද නීත්‍යානුකූල ලියකියවිලි වල ගැටළු පවතින බවත් පොලිසිය පැවසීය.

ලොරි රථයේ රියදුරා හෙට (31) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය පැවසීය.