ලොරි අනතුරි වවුනියාව නව ගම්මානයට විදුලිය ඇණ හිටී



 
 
 
සිතුම් චතුරංග
          
යාපනය නුවර ඒ නවය මාර්ගයේ වවුනියාව නවගම්මානය ප‍්‍රදේශයේ දී ලොරි රථයක් අද (6) අලූයම අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් වවුනියාව ඊරට්ටපෙරියකුලම හා නවගම්මානය ප‍්‍රදේශ වෙත විදුලි සැපයුම ඇණහිට තිබේ.


කඩුගන්නාව සිට යාපනය දක්වා දැන්වීම් පුවරු රැගෙන ගමන් කරමින් සිටි ලොරි රථයක් විදුලි කණුවේ ගැටී මෙලෙස අනතුරට පත්ව ඇතැයි ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි.


අනතුරත් සමඟ ඊරට්ටපෙරියකුලම හා නවගම්මානය ප්‍රදේශයට පැය හයකට අධික කාලයක් විදුලිය විසන්ධි කර තිබූ බවද කියයි.


ලොරි රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අධි බලැති විදුලි රැහැන් සහිත කණුවට දැඩි අලාභ හානි සිදුව ඇත.