(අමල් වික්‍රමරත්න)
අද (07) අක්මීමන අන්කොක්කාවල ප්‍රදේශයට ආසන්නව කැන්ටර් වර්ගයට අයත් ලොරිරථයක් හදිසියේම මාර්ගයෙන් ඉවතට ඇදීගොස් කානුවකට පෙරලීම නිසා එම ලොරිරථයේ තට්ටුවේ ගමන්කළ 14 දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කරඇත.
තුවාල ලැබූපිරිස අතර කාන්තාවන් 08ක්, පිරිමින් 04ක් සහ වයස අවුරුදු 03 ක දරුවෙක්ද වේ.
දැනට සියලුදෙනාම හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මොවුන් අතුරෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවත් ඉතිරි සියලු දෙනාගේම අත්පාවලට දැඩිහානිසිදුව ඇතිබවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝගීන් අනතුරට පත්වූ ස්ථානයේ සිට රෝහල් කරා ගෙනයාමට අක්මීමන, කරාපිටිය, මහමෝදර, පෝද්දල සහ ඉමදූව යන ස්ථානවලින් ගිලන්රථ 5ක් කැඳවීමට සිදුවී තිබේ.
ලොරිරියදුරු මේවනවිට සොයාගැනීමට නොහැකිවී ඇති අතර අනතුරට පත් ලොරිය මේ වනවිට අක්මීමන පොලීසිය භාරයට ගෙන ඇත.
සිද්ධිය පිළිබඳව අක්මීමන පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.