ලොරි - බස් ගැටුමෙන් 5කට තුවාල


(ගලේවෙල මොහොමඞ් බුහාර්ඩින්)

දඹුල්ල කුරුණැගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදි අද (26) උදෑසන 6ට පමණ මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලංගම මගි ප්‍රවාහන බස් රථයක් හා භාණ්ඩ ප්‍රවාහණය කරන ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් බස් රථයේ සිටි පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රොහල් ගත කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

ගලේවෙල මොරගොල්ල සිට දඹුල්ලට යමින් තිබු ලංගම මගි ප්‍රවාහණ බස් රථයක කොලඹ සිට කාන්තාන්කුඩි බලා ධාවනය වෙමින් තිබු ලොරි රථයක් බස් රථයේ පිටුපස ගැටිමෙන් පසු බස් රථය තල්ලු වි මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල කපා දමා තිබු ගසක මුලක ගැටි නතර වි ඇතැයි ගලේවෙල පොලිසිය කරන ලද මුලික විමර්ශන වලදි හෙලි වි ඇත.

අනතුරින් බස් රථයේ රියදුරු ඇතුලු පුද්ගලයින්  පස් දෙනෙකු තුවාල ලබා ගලේවෙල දිසා රෝහලට ඇතුලත් කර ඇත. මෙම අනතුර සම්බන්ධයෙන් ලොර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.