(නාලක සංජීව දහනායක)
අනවශ්‍ය ආකාරයට නල ළිං ඉදිකර පෞද්ගලික සමාගම්වලට හා ලියාපදිංචිය තහවුරු නොකළ පානීය ජල බෝතල් සකසන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
භූගත ජල කලමනාකරණයේ අවශ්‍ය රෙගුලාසි සම්පූර්ණ කළ සමාගම් 164 ක් පමණ මේ වනවිට ලියාපදිංචිය තහවුරු කර ඇතත් තවත් සමාගම් විශාල ප්‍රමාණයක් නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකරමින් පානීය ජලබෝතල් කර්මාන්තයේ යෙදෙන බව කී අමාත්‍යවරයා අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ නොකරන හා භූගත ජලධාරිතාවය ලීටර් ලක්‍ෂය ඉක්මවන සමාගම් සඳහා නීතිමය පියවර ගතයුතු යැයිද අමාත්‍යවරයා කීය.
එමෙන්ම මේ වනවිට නලළිං ඉදිකරන පෞද්ගලික සමාගම් 196ක් පමණ තිබෙන බවත් ඉන් ආයතන 13ක් පමණ යෝග්‍යතා මට්ටම සපුරා ඇතැයි කී අමාත්‍යවරයා අනෙකුත් සමාගම් යෝග්‍යයතා සහතික ලබාගැනීමට කටයුතු නොකරන්නේ නම් ඒ සමාගම් සඳහා නීතිමය පියවර ගන්නා බවද පැවැසීය.