ලිප්ටන් වටරවුම ඉදිරිපිට විරෝධතාවක්


(ශාන්ත රත්නායක)

කරුණු කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් අද (10)  කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිට නිහඬ  විරෝධතාවයක් පැවැත්වූහ.

කොවිඩ් තුරන් කිරීම ඉලක්ක කරගත් විද්‍යාත්මක සැලසුමක් සකස් කරන ලෙස හා කොවිඩ් තුරන් කිරීම් සදහා සෞඛ්‍ය අරමුදල් සම්පත් සහ පහසුකම් ලබා දෙන ලෙස , වෛද්‍ය  සභාවේ ස්වාධීනතත්වයට ආණ්ඩුව කරන බාධා කිරීම නතර කරන ලෙසත් ඔවුන්ගේ ඉල්ලීම් අතර විය.