ලිඳුල වතු නිවාසයක් ගිනි ගනී


(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ, ලිඳුල, හෙන්පෝල්ඩ් වත්තේ වතු නිවාසයක් ගිනි ගැනීමට ලක්ව  අද (8) විනාශයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

නිවාස දෙකකින් සමන්විතව පිහිටි එක් නිවසක් මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව අනෙක් නිවාසයට ගින්න පැතිරී යාමට නොදී වළක්වා ගෙන තිබේ.

විදුලි කාන්දුවීමකින් මෙම ගින්න ඇති වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

ගිනි ගැනීමට ලක්වූ නිවාසයේ භාණ්ඩ රැසක් ගින්නට හසුව විනාශයට පත්ව ඇති අතර අනතරින් කිසිවෙකුටත්  ජීවිත හානියක් හෝ තුවාල සිදුවී නොමැත.

ලිඳුල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.