ලිදුල වතුකම්කරුවෝ උද්ඝෝෂණයක


 

 

(ශාන්ත චන්ද්‍රසිරි)

 

වැටුප් අඩුවෙන් ගෙවන ලදැයි පවසමින් ලිඳුල, අග්‍රාකන්ද වත්තේ පැසිපන් කොටසේ වතු කම්කරුවන් අද (9) උද්ඝෝෂණයක නිරතවුහ.

තම වත්ත නිසිලෙස නඩත්තු නොකිරීම නිසා දිනකට කැඩිය යුතු කිලෝ 18 ක තේ දළු ප්‍රමාණය කැඩීමට නොහැකිව ඇති බවත් දිනකට එම ප්‍රමාණයට වඩා කිලෝ එකක්, දෙකක් අඩුවෙන් කැඩීම නිසා වැටුප් ගෙවීමේදී තම වැටුප අඩුකර ගෙවීමට වතුපාලන අධිකාරිය විසින් පියවර ගෙන ඇතැයි උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් පැවැසුහ.

වතුයාය නඩත්තු නොකිරීම නිසා දිනකට නෙලිය යුතු තේ දළු කිලෝ 18 ඉලක්කයට යෑමට නොහැකිව ඇති බවත් එසේ හෙයින් ඒ සඳහා තමන්ගේ වැටුප අඩුකර ගෙවීම අසාධාරණ බවත් මේ සම්බන්ධයෙන් වගකිය යුතු අංශ සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලා සිටින බව උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කීය.