(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලාහුගල වනඋද්‍යානයේ ආම වට්ටුවා ප්‍රදේශයේ විශේෂ පුරාවිද්‍යා ස්මාරක පිහිටි ස්ථානයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 8 දෙනෙකු අරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය .
එම සැකකරුවන් සමඟ නිධන් හැරීම සඳහා යොදාගත් යාන්ත්‍රික උපකරණ ඇතුළු පූජා භාණ්ඩ තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිරුක්කෝවිල්,අම්බලන්ගොඩ හා මාතලේ පදිංචිකරුවෝ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.