(මොහොමඩ් ආසික්)
ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන්ට සවුදි අරාබියට ගොස් හජ් වන්දනය ඉටු කිරීම සඳහා වාර්ෂිකව ලබා දෙනු ලබන කෝටාව 2019 වසර සඳහා 3500 දක්වා ඉහළ නැංවීමට සවුදි අරාබියානු රජය තීරණය කර ඇති බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා ගේ මාධ්‍ය අංශය පවසයි.
මේ දිනවල සවුදි අරාබියට ගොස් සිටින අමාත්‍ය හලීම් මහතා අද (14) වැනිදා සවුදි අරාබියේ හජ් කටයුතු භාර අමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡාවකදී අමාත්‍ය හලීම් මහතා එරට රජයෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවට ලබා දෙන හජ් කෝටාව ඉහළ නංවන ලෙසයි.
ඒ අනුව මෙවර හජ් කෝටාව 3500 දක්වා ඉහළ නැංවීමට එරට අමාත්‍යවරයා තීරණය කර ඇති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය තව දුරටත් සඳහන් කරයි.
පසුගිය වසරවල ශ්‍රී ලංකාවට ගැබී ඇති හජ් කෝටාවේ ප්‍රමාණය උපරිම වශයෙන් 3000 ක් වෙයි.