ලයිටරය පුපුරා දෙදෙනෙක් රෝහලේ


(නිශාන්ත කුමාර)
මීගහකිවුල කලුගහකදුර , පොල්වත්ත ගම්මානයේ පුද්ගලයින් දෙදෙනකු ලයිටරයක් පුපුරායාමෙන් බරපතල තුවාල ලබා අද (22) මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි පොලීසිය කියයි.
 මෙම අනතුරට ලක්ව ඇත්තේ මීගහකිවුල කලුගහකදුර , පොල්වත්ත පදිංචි ඕ. ජී. නිශාන්ත (36) සහ ජේ. ඒ. ජානක (22) නැමැති එකම පවුලක සාමාජිකයින්  දෙදෙනෙකි.
ලයිටරය පුපුරා යාමෙන් එක් අයෙකුගේ ඇසකට සහ අනෙක් පුද්ගලයාගේ එක් අතකට බරපතල පිලිස්සුම් තුවාල සිදුවී ඇත.
දුම්වැටියක් දැල්වීම සදහා මොවුන් දෙදෙනා ලයිටරය දැල්වීමට උත්සාහ ගත් අවස්ථාවේ එය පුපුරා ගිය බව අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.