ලන්ඩයේ ලක් නිර්මාණ ඇගයීමක්


බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකේය කලා සංසදය විසින් සාහිත්‍ය මාසය වෙනුවෙන් පවත්වන්නට කටයූතු සම්පාදනය කෙරෙමින් පවතින සාහිත්‍ය උළෙලට සමගාමීව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ නිර්මාණ ඇගයීමේ වැඩ සටහනක්ද පැවැත්වීමට නියමිතය.

මේ අනුව අප මව්බිමෙන් දුරස්වී ඕනෑම රටක වෙසෙන කලා හිතකාමී ශ්‍රී ලාංකිකයින් හට ඔවුන්ගේ නිර්මාණ ගද්‍ය, පද්‍ය හා චිත්‍ර යන මාධ්‍ය තුනෙන්ම ඉදිරිපත් කළ හැකිවන අතර ගද්‍ය හා පද්‍ය සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ඉදිරිපත් කළ හැක. 

නිර්මාණ [email protected] යන ඊමේල් ලිපිනයට හෝ Chandana Gunasekara, 76, Westfield Avenue ,Watford, WD24 7HE, UK යන ලිපිනයට යොමු කළ හැක. ඒවා  2016 සැප්තැම්බර් 15 වැනි දා මධ්‍යම රාත්‍රියට පෙර ලැබෙන්නට සැලැස්විය යුතුවෙයි. නිර්මාණ වයස අවුරුදු 5-11 ළමා, අවුරුදු 11-18 යොවුන්, අවුරුදු 18-40 තරුණ, අවුරුදු 40 වැඩිහිටි යන වයස් සීමාවන්ගෙන් ඉදිරිපත් කල හැකිය.

මේ සියලුම නිර්මාණ අතුරින් ඒ ඒ වයස් සීමාවේ හොඳම නිර්මාණ 3 ට සහතික පත් ප්‍රදානය කරනු ලබන අතර ඉදිරිපත් කරන සියලුම නිර්මාණ ඇතුලත් මහජන ප්‍ර‍දර්ශනයක්ද පවත්වනු ඇත.

මීට අමතරව ග්‍රන්ථ කතෘ වරුන්ගේ, ගීත රචකයින්ගේ, චිත්‍රපට හෝ වේදිකා නාට්‍ය නිර්මාණකරුවන්ගේ නිර්මාණද සාහිත්‍ය උළෙලේදී  ජනතාව අතරට ගෙනයාමට කටයුතු යොදා ඇත.