ලන්ඩන් නුවර ප්‍රධාන ශ්‍රී ලාංකික විහාරස්ථානයක් වන ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව ශාලාව විවුර්ත කිරීම නිමිති කොටගෙන සැප්තැම්බර් 3 වන සෙනසුරාදා සර්ව රාත්‍රී පරිතාන ධර්ම දේශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කින්ස්බරි විහාරස්ථානය නමින් කාඅතරත් සුප්‍රකට මෙම විහාරස්ථානයේ පින්කම් සඳහා සහභාගිවන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව පසුගිය වසර කිහිපයක සිට ඉහල යාම හේතුවෙන් ඔවුන් සඳහා අවශ්‍ය ඉඩකඩ සහ අනෙකුත් පහසුකම් සැපයීමේ අරමුණෙන් මෙම නව ශාලාව ගොඩනැඟූ බව විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියෝ පැවසුහ.
සෙනසුරාදා රාත්‍රී පරිතාන ධර්ම දේශනයත් පසුදා පැවැත්වෙන හීල් දානමය පින්කමත් සඳහා ශ්‍රී ලන්කාවේ සිට පුජ්‍ය අකුරැටියේ නන්ද හිමි, පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි, පැරිස් නුවර ජේතවන විහාරාධිපති පුජ්‍ය මුරුන්ගස්යායේ ඤානිස්සර හිමි, පැරිස් බෞද්ධ විහාරාධිපති පුජ්‍ය කොන්ගස්යායේ ආනන්ද හිමි, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමි ඇතුළු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන බොහෝ ගණනකින් මහා සංඝ රත්නයද වැඩම කරවනු ඇත.
මෙම පිංකම සඳහා සහභාගිවන ලෙස ලන්ඩන් නුවර සියලුම සැදැහැවතුන් වෙත කරුණාවෙන් ආරාධනය කරන බවද පුජ්‍ය පියදස්සි හිමියෝ පැවසුහ.