පොසොන් පොහොය නිමිත්තෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන සියල්ලගේම විශේෂ පින්කම් මාලාවක් පවත්වනු ලැබිය. පොසොන් පොහොය දිනය ඉරිදා දිනයක් වු නිසා මේ සියලුම පින්කම් සඳහා විශාල බැතිමත්හු පිරිසක් සහභාගි වී සිටියහ.
ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ පොසොන් පිංකම ආරම්භ කෙරුණේ තවලම බන්දුල හිමියන් විසින් අෂ්ඨාංග උපෝෂිත ශීලය සමාදන් වූ දෙසීයකට වැඩි පිරිසක් අටසිල්හි ද අනෙකුත් සැදැහැවතුන් පන්සිල්හි ද පිහිටුවිමෙනි. බුද්ධ වන්දනාවෙන් අනතුරුව කළුගමුවේ කස්සප හිමියන් විසින් භාවනා පුහුණුවක් මෙහෙයවනු ලැබිය.
අනු බුදුහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කරවීම තුළින් අප රටේ ඇතිවූ සමාජ සහ සංස්කෘතික විපර්යාසයත් විස්තර කල ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා දවස පුරාම පැවැත්විණි.
පිංකම අවසන් වුයේ ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ රාහුල දහම් පාසලේ දරු දැරියන් ඉදිරිපත් කළ පොසොන් බැති ගී වැඩ සටහනකිනි.
කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ද විශාල පිරිසක් පෙහෙවස් සමාදන් වුහ. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩමකිරීමත් මිහින්තලේදී දේවානම් පිය තිස්ස රජතුමා හමුවීමත් සංකේතවත් කර පෙන්වූ මිස්සක පව්වේ අනුරුවක් පිංකම සඳහා ජගත් රණසිංහ සහ සරත් අමරසිංහ විසින් නිර්මාණය කර තිබුණි.
කබලෑවේ සිරිසුමන හිමියෝ අටවිසි බුද්ධ පුජා පින්කමක් මෙහෙයවනු ලැබුහ. පිංකම සඳහා දායකත්වය සැප වුයේ වජිර ලියනගේ, ගනේෂා වික්‍රමපාල යුවල සහ හිතවතුන් විසිනි. විහාරස්ථාන දායක කාරකාදීන් පිංකම සාර්ථක කරගැනීම සඳහා වෙහෙසවී උදව් උපකාර කළහ.

![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/31.png)
![3_1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/3_11.png)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/41.png)
![4_1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/4_11.png)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/51.png)
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/61.png)
