(සීදුව විශේෂ ප්‍රසාද් මුතුකුඩ)
රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 1. 600 නීතිවිරෝධි ලෙස රැගෙනයාමට උත්සහ කල ඩුබායි ජාතිකයෙකු සහ ලාංකික තේ සමාගමක රියදුරෙකු අද (26) අත්අඩංගුවට ගනු ලැබූ බව කටුනායක ගුවන්තොටුපළ පොලීසිය පවසයි.
මොහු තේ අලෙවි ව්‍යපාරිකයකු ලෙස කටයුතු කිරීමට කීපවතාවක් දිවයිනට පැමිණ ඇති අතර වල්ලාපට්ටා අසුරා තිබූ ගමන් මලුද රැගෙන නැවත ඩුබායි බලා පිටත්ව යාමට තේ අලෙවි පුද්ගලික සමාගමකට අයත් ජීප් රථයකින් ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබා දෙන ලද විශේෂ තොරතුරු මත පොලිස් විශේෂ කාර්යංශය සහ නිලධාරි කණ්ඩායමක් යොදා පිටවීමේ පර්යන්ත ප්‍රධාන දොරටුව ආසන්නයෙදි සැකකරු අත්අඩංගුව ගෙන පරික්ෂා කිරීමේදි සූක්ෂම ලෙස වල්ලාපට්ටා අසුරා තිබූ ගමන් මල්ලක් සොයා ගත් බව ගුවන්තොටුපල පොලීසිය කියයි.