ලක්ෂයක කේරල ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පයාගල මස්සලදී සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් 100,000ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
 
එම මෝටර් රථයේ තිබී කේරල ගංජා කිලෝ එකයි ග්‍රෑම් 50ක් පොලිසිය සොයාගෙන ඇත.
 
බේරුවල ධීවර වරායේ ධීවරයන්ට විකිණීම සඳහා මෙම කේරල ගංජා තොගය රැගෙන යමින් සිටි බව ප්‍රශ්නකිරීමේදී හෙළි වූ බව පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු බේරුවල පදිංචිකරුවෙකි.
 
බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.