ලක්ෂ තුනක හෙරොයින් සමඟ 5 ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැලිකඩ පොලිස් වසමේ අද   (20)  සිදුකළ වැටලීම් කීපයකදී රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා හොරෙයින්  මත්කුඩු සමඟ පුද්ගලයන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනාගෙන්   තිදෙනෙක් නිවෙස් සහ වෙළඳසල් 16 බිඳ   දේපළ සොරා ගැනීම සම්බන්ධයෙන් පොලිසි කීපයකට අවශ්‍ය පුද්ගලයන් බවට  ප්‍රශ්න කිරීමේදී කිරීමේ දී අනාවරණය වූ බව වැලිකඩ පොලිසිය කියයි .

අනෙක් සැකකරුවන් දෙදෙනා අතර දෙමටගොඩ ප්‍රදේශයේ හොරෙයින් මත්  කුඩු  ජාවාරමේ යෙදෙන පුද්ගලයෙක් ද  සිටින බව පොලිසිය කියයි  

එම සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ තුන කට  ආසන්න වටිනා මත්කුඩු ග්‍රෑම් 13 ,මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන  රුපියල්  45000 ක මුදලක්  ජංගම දුරකථන හා විදුලි තරාදියක්   පොලිසිය භාරයට ගෙන ඇත