(සුසිල් ප්‍රියන්ත , පියරත්න ජයවික්‍රම සහ ඩි.ජේ.විජේසිංහ)
කන්නෙලිය රක්ෂිතයෙන් හොරට කපා අලෙවි කිරීමට සූදානම් කොට තිබූ වෙනිවැල්ගැට කිලෝග්‍රෑම් 1581 හා ඒවා ප්‍රවාහනය කිරීමට පැමිණි ලොරි රථ දෙකක් සමග පුද්ගලයන් සිව්දෙනකු අද (28) අළුයම කන්නෙලිය රක්ෂිතයේ සිදු කරන ලද විශේෂ වැටලීමකදී අත් අඩංගුවට ගත් බව තවලම වන අඩවි නිලධාරී කාර්‍යාලය කියයි.
අත් අඩංගුවට ගැනුනු එක් ලොරි රථයක තිබී වෙනිවැල්ගැට කිලෝග්‍රෑම් 1324ක්ද අනෙක් ලොරි රථයේ තිබී වෙනිවැල්ගැට කිලෝග්‍රෑම් 257ක් ද අත් අඩංගුවට ගෙන තිබේ.
ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ අටක් පමණ වන බව වනජීවි නිලධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා වයස 25ත් 35ත් අතර පසුවන්නන් බව තවලම වන අඩවි නිලධාරී කාර්‍යාලයේ ප්‍රකාශකයෙක් කීවේය.
ගාල්ල යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මේ වැටලීම සිදු කළ බවද එම කාර්‍යාලය කියයි.