ලක්ෂ 7 ක හොර චෙක් දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට


(රොමේෂ් මධුෂංඛ)
 
රුපියල් ලක්ෂ 7ක් වටිනා රත්තරන් තොගයක් මිලට ගෙන අයිතිකරුවන්ට ව්‍යාජ චෙක්පතක් ලබාදුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන අද (9) වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව වව්නියාව කොට්ඨාස නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය කියා සිටියේය.

වව්නියාව කට්ටකාඩු ප්‍රදේශයේ පදිංචි 34 සැකකරු විසින් වව්නියාව නගරයේ පිහිටි රත්තරන් වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 7ක් වටිනා රත්තරන් තොගයක් ගෙන එම වටිනාකමට චෙක් පතක් ලබා දී මෙම වංචාව සිදු කොට සැගව සිට තිබේ.

අදාළ රත්තරන් වෙළඳසැලේ හිමිකරු විසින් වව්නියාව කොට්ඨාස නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකයට දැනුම් දීමෙන් පසුව අදාළ සැකකරු ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇත.