(තුසිත කුමාර ද සිල්වා)
දර්ගා නගරයේ බොන්දුපිටිය මුදලි ගම ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 7කට අධික මත්කුඩු ග්‍රෑම් 19යි ක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරි වරයා අද (28) පැවසීය .
ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු 22 හැවිරිදි බොන්දුපිටිය පදිංචිකරුවකු බවත් සෙසු සැකකරුවන් දෙදෙනා බේරුවල සහ දර්ගා නගරයේ පදිංචි වන බවත් එම නිලධාරීන් කියයි .
කාලෙක පටන් මෙම ජාවාරම් සිදුකරන බවට ලද තොරතුරු මත කාලයක් පුරා කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය .
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් කලුතර කලාප අණදෙන නිලධාරි ( වැඩබලන )සහකාර පොලිස් අධිකාරී අසිත රණසූරිය මහතාගේ උපදෙස් මත අලුත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජේ.ඩි.ඩබ්ලිව් ජයකොඩි මහතා ඇතුළු අලුත්ගම කඳවුරේ සැරයක් කොස්තාපල්වරු දොළොස් දෙනකුගෙන් යුතු කණ්ඩායමක් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව කියයි .