ලක්ෂ 6ක භූගත දුරකතන රැහැන් කැපූ 6ක් අත්අඩංගුවට


ඉන්දිකා  රාමනායක

ටෙලිකොම් ආයතනය විසින් බියගම ප්‍රදේශයේ ඇද තිබු, ලක්ෂ 6ක් පමණ වටිනා  භූගත  දුරකතන රැහැන් කැපු හමුදා සෙබලුන් දෙදෙනෙක් ඇතුලු සැකකරුවන් 6⁣දෙනෙකු අත්අඩංගුවට  ගත් බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන්  ටෙලිකොම් ආයතනය බියගම පොලිසියට කළ පැමිණිල්ලක් අනුව  පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

 රැහැන් කැපීම, අලෙවි කිරීම, ළග තබා ගැනීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් අද (14) අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතය.