(ටී. කේ. ජී. කපිල )
ඩුබායිහි නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(08) කටුනායක ගුවන් තොටුපෙළ්දී ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු පොතුවිල් ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මොහු විසින් රැගෙන ආ විශාල කාඩ්බෝඩ් පෙට්ටියක රුපියල් 583,000 ක් වටිනා ‘ බිස්නස් රෝයල්’ වර්ගයේ දුම්වැටි 11,660 ක් තිබූ බව පොලීසිය පවසයි.
ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ, සිය නිවෙස කරා යෑමට ගුවන් තොටුපළ පිටත පර්යන්තයේ රැදී සිටියදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සහ දුම්වැටි තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.