ලක්ෂ 50ක දැව කඳන් තොගයක් අත්අඩංගුවට


(ඩබ්. ඒ. පියතිලක‍)

 
වැලිකන්ද  වඩුමුණේ මිරන්ඩවිල් රක්ෂිත වන ප්‍රදේශයේ  අනවසරයෙක් කපා ප්‍රවාහනයට  සූදානම් කරමින් සිටි  බුරුත, පළු සහ කොහොඹ දැවකඳන්  තොගයක් වාලච්චේන පොලිසිය විසින් අද(30) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.     
                   
මෙම දැව කඳන් තොගයේ වටිනාකම ලක්ෂ 50 අධික බව හඳුනාගෙන ඇත.  
                  
විවිධ රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබා දෙමින් කලක පටන් පවත්වාගෙන ගිය මෙම අනවසර දැව කැපීම පවත්වාගෙන ගොස් ඇතැයි හෙළි වී තිබේ.   
                          
වැලිකන්ද යුද හමුදා ආරක්ෂක සේනා මුලස්ථානයේ  ආරක්ෂක අංශ විසින් සොයාගැනීමෙන් අනතුරුව වාලච්චේන පොලිසියට කළ දැනුම්දීමකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.  
               
මෙයට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂක අංශ පැමිණීමේදී පලාගොස් ඇති බවත් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නොමැති බවත් ඔවුන් නීතිවිරෝධී ගිනි අවි පවා භාවිතා කරන බවත් හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.  
                                       
අත්අඩංගුවට ගත් දැව තොගය අද(30) දින වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.