ලක්ෂ 4 ක් වටිනා පා පැදි සමඟ අයෙක් අත්අඩංගුවට


 

( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
 
මොරටුව ඇතුළු පොලිස් වසම් කිහිපයක පාපැදි සොරකමේ යෙදුණු පුද්ගලයෙක් රුපියල් ලක්ෂ හතරකට අධික වටිනා පාපැදි සමඟ අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි .

එම පුද්ගලයා  එලෙස සොරාගත් පාපැදි තිහක් පොලිසිය මඟින් සොයාගෙන ඇත .

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ දී සැක පිට අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා  සන්තකයේ  මත් කුඩු මිලිග්‍රෑම් 1110 තිබීමෙන් අනතුරුව  ඒවා මිල දී ගැනීමට මුදල් ලැබෙන්නේ  කෙසේදැයි ප්‍රශ්න   කිරීමේදී වසරකට අධික කාලයක් තිස්සේ සිදු කළ මෙම පා පැදි සොරකම සම්බන්ධයෙන්  තොරතුරු අනාවරණය වූ බව පොලිස් නිලධාරීයෙකු පැවසීය .