(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලවත්ත හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී ප්ලාස්ටික් ජල බෝතල් ආකාරයෙන් සැකසූ රුපියල් 200,000කට ආසන්න නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
සැකකාරිය චීනයෙන් යම් ස්ප්‍රීතු වර්ගයක් ආනයනය කර ජලය කලවම් කර ප්ලාස්ටික් බෝතල්වල අසුරා ඇති බව පොලිසිය පවසයි.
එම නිවාස සංකීර්ණයේ තිබූ ලීටර් හතරේ මත්පැන් බෝතල් 38ක් සහ ලීටර් දෙකේ බෝතල් 24ක් පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි කාන්තාවකි.
මෙම මත්පැන් බෝතල් ඇනවුම් ලැබෙන පරිදි කොළඹට ගෙන එන බවට ලද තොරතුරකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.