(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ජනාධිපති මාවතේ තොග හා සිල්ලර අලෙවිසැලකින් රුපියල් 2, 633, 000 මුදලක් වංචා කළ මුදල් අයකැමිවරයකු අද(29) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ සොරාගත් මුදලින් රුපියල් 110,000 එක්ලක්ෂ දහසක මුදලක් තිබූ බව පොලිසිය කියයි.
සොරාගත් මුදලින් රුපියල් 400,000 ට අධික මුදලක් ගෙවා මිලදී ගත් නවීන පන්නයේ යතුරු පැදියක් සහ ලැප්ටොප් පරිගණකයක් ද පොලිසිය සොයාගෙන ඇත.
ඉකුත් වසරේ ජූලි මාසයේදී තොග බඩු අලෙවිසැලෙහි මුදල් අයකැමිවරයකු ලෙස පැමිණ තිබූ මෙම පුද්ගලයා අවස්ථා ගණනාවකදී පරිඝණකයේ දත්ත ව්යානජ අයුරින් වෙනස් කර මුදල් වංචා කර ඇතැයි පොලිසිය කියයි.