රොමේෂ් මධුෂංඛ
යාපනය සෙම්මිණි ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 37 ග්‍රෑම් 560 ක් රැගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
යාපනය සෙම්මිණි ප්‍රදේශයේදී අදාළ සැකකරු කේරල ගංජා තොගය රැගෙන යමින් සිටින අතරතුරදී යාපනය පොලීසියේ විශේෂ වැටලීම් ඒකකය විසින් සිදු කරන ලද සෝදිසි වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සෙම්මිණි ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු යාපනය අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට නියමිතය.