ලක්ෂ 14ක පාපැදි සොරාගත් දෙදෙනෙක් දැලේ



(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත සෙනෙවිරත්න)
 
වැල්ලම්පිටිය සේදවත්තේ පිහිටි විදේශ රටවලින් පාපැදි ආනයනය කරන සමාගමක ගබඩාවකින් රුපියල් 1,400,000 පමණ වටිනා පාපැදි සොරාගත් පුද්ගලයන් දෙදෙනෙකු අද(06) අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
 
සොරාගෙත් පාපැදිවලින් රුපියල් 800,000 පමණ පාපැදි විකුණා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවෝ වැල්ලම්පිටිය- සේදවත්ත පදිංචි 24 සහ 25 හැවිරිදි පුද්ගලයෝ වෙති.
 
සැකකරුවන් දෙදෙනා පාපැදි 155ක් සොරාගෙන ඇතැයි ප්‍රශ්නකිරීමේදී හෙළි වූ බව පොලිසිය කියයි.