ලක්ෂ 10ක කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු  මතුගම බටුමුල්ල කන්ද විහාරස්ථානය අසළදී අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.
 
සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ පහකට අධික ප්‍රමාණයක් පොලිසිය සොයාගෙන ඇත.
 
සැකකරුවන් දෙදෙනා වවුනියාවේ සිට සුඛෝපභෝගී මෝටර් රථයකින් ගංජා තොගය  රැගෙන එමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම පුද්ගලයන් දෙදෙනා ගංජා එළවලු ගෝනි තුළ සඟවා කාලයක සිට මෙම ජාවාරම මෙහෙයවා ඇතැයි පොලිසිය කියයි.