(දයාරත්න ඇඹෝගම)
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකට නැකැත්තේගමදී කිසියම් පිරිසක් විසින් බෝතල් ප්‍රහාරයක් එල්ල පලා ගොස් ඇතැයි නොච්චියාගම පොලීසිය කියයි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ වෙන්නප්පුව ඩිපෝවට අයත් මෙම බස් රථය කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබියදී මෙම ප්‍රහාරය එල්ලවී තිබුණි.
පහර දීමෙන් බස් රථයේ ඉදිරිපස වීදුරුවට හානි වී ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.