ලංගම බසයේ කොන්දොස්තරට පහර දී මුදල් කොල්ල කාලා



(දයාරත්න ඇඹෝගම)


පරංගියාවාඩිය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක් දෙමටවැව ආසන්නයේදි නවතා බස් රථයට   ඇතුළු වු  අවිගත් පුද්ගලයන් සිවු දෙනෙකු  අද (20) දින බස්රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට මුදල්  කොල්ලකා පලා ගොස් ඇතියි පොලීසිය පවසයි.


හොරොව්පොතාන ලංකා ගමනා ගමන මණ්ඩයට අයත් මෙම බස් රථය පරංගියාවාඩියෙන් අද (20)දින අලුයම එකට පමණ කොළඹ බලා ධාවනය වෙමින් තිබුණි.


දෙමටවැව ආසන්නයේදි බස් රථය නවතා බසයට ගොඩවු අවිගත් පුද්ගලයන් සිවු දෙනෙකු තමන්ට පහරදි රුපියල් තිස්නවන දහසකට ආසන්න මුදලක්  පැහැරගත්  බව කොන්දොස්තර වරයා  පොලීසියට පැමිණිලි කර තිබේ.