ලංගම ඩිපෝ කළමනාකාරවරයාට පහරදුන් ප්‍රා.සබේ විපක්ෂ නායක රිමාන්ඩ්


(අප්සරා යෝසිත් විජේසූරිය )

ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කලවාන ප‍්‍රාදේශීය කළමනාකරවරයාට පහරදීමක් සම්බන්ධව අධිකරණයට ඉදිරිපත් කළ කලවාන    ප‍්‍රදේශීය සභාවේ විපක්‍ෂයේ කණ්ඩායම් නායක ශ්‍යානක මොල්ලිගොඩ මහතා ලබන  ජනවාරි 02 දින දක්වා  රිමාන්ඞ් භාරයේ තැබීමට රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත්  තිසාණි තේනබදු මහත්මිය විසින් නියම කළාය.

ඉකුත් 18 දින කලවාන ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කලවාන ප‍්‍රාදේශීය කාර්යාලයේ පැවති ජාතික සේවක සංගමයේ උත්සවයකට කලවාන ප‍්‍රදේශීය සභා විපක්‍ෂයේ කණ්ඩායම් නායකවරයා සහභාගිවීමට පැමිණි ඇත.

 එම අවස්ථාවදී ඇතිවූ ආරවුලක් සහ බහින්බස්වීමක් මත ඩිපෝ කළමනාකරුට පහරදී ඇතිබවට පොලිසිය කළ පැමිණිල්ලක් අනුව  සැකකාර ශ්‍යානක මොල්ලිගොඩ මහතා කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙසේ රිමාන්ඞ්භාරයට  පත් කෙරිනි.