ලංකාවේ ආර්ථීක වර්ධනය ඉහළට


මේ වසරේදී ශ්‍රී ලංකාව සියයට 5 .3 ක ආර්ථික වර්ධනයක් ලබනු ඇති බව ලෝක බැංකුව සදහන් කර සිටී.

ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නවතම ගෝලීය ආර්ථික ඇගයීමට අනුව ඉදිරි තුන් වසරේ දී ශ්‍රී ලංකාව ඊට සමාන වර්ධනයක් අත්කර ගනු ඇතැයිද එම බැංකුව සදහන් කර සිටී.

ඍජු විදේශීය ආයෝජන ප්‍රමාණාත්මකව ලැබීම හේතුවෙන් මෙරට යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් වනු ඇති බව ද ලෝක බැංකුව සිය ඇගයීම් වාර්තාවේ වැඩිදුරටත් සදහන් කර ඇත.මහා නගර සංවර්ධන ව්‍යාපෘති සහ වරාය නගර ව්‍යාපෘතිය ද එම යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට ඇතුළත්ව ඇත.

ආනයන අවම කිරීම සදහා ගෙන ඇති ප්‍රතිපත්තිමය පියවර ද ආර්ථික වර්ධනය සදහා ඉවහල් වනු ඇති බවයි ලෝක බැංකුව සිය ඇගයීම් වාර්තා වලින් පෙන්වා දේ.