ලංකා ගුරු සංගමයේ වාර්ෂික නියෝජිත මහා සම්මේලනය ලබන සිකුරාදා (26) උදේ දහයට මන්නාරම අල්-අස්වර් මුස්ලිම් විද්‍යාලයයේ දී පැවැත්වීමට නියමිතය.
ඉදිරි වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සහ අධ්‍යාපනයේ ක්ෂේත්‍රයේ ගැටළු ගැන සාකච්ඡා කිරීම ද එදින සිදු කිරීමට නියමිත බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
ලංකා ගුරු සංගමයේ පසුගිය සම්මේලනය පැවැතියේ ගාල්ලේ දී ය. ඊට පෙර වසරේ පැවැත්වූයේ යාපනයේ දීය.