රෝහල් සේවා මණ්ඩලයේ 33වන මහසභා රැස්වීම අද


(ඡායාරූප - ගයාන් අමරසේකර)

අපවත් වී වදාල අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මඩීහේ පඤ්ඤාසීහ මහනායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් 1984 වසරේදී ආරම්භ කරන ලද රෝහල් සේවා මණ්ඩලයේ 33වන මහසභා රැස්වීම අද (30) කොළඹ ජාතික රෝහලේදී පැවැතිවිණි.
 
එහිදී අල්ට්‍රා ස්කෑන් යන්ත්‍රයක් ස්නායු ක්ෂන අංශයටද, නිර්වින්දන යන්ත්‍රයක් අපස්මාර ඒකකයේ එම්.ආර්.අයි. අංශයටද, මාලිගාවත්ත වකුගඩු රෝහලට රෝද පුටුවක් සහ වේදනා සමන සායනයට ට්‍රොලියක් පරිත්‍යාග කිරීමද සිදුකෙරිණි.
 
රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය රජවැල්ලේ සුභූති, උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම ධම්මසිරි යන නාහිමිපාණන් වහන්සේලා සහ  ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය එඩ්.කේ. වික්‍රමසිංහ මහතා එම උපකරණ පරිත්‍යාග කළ අයුරු ඡායාරූපවලින් දැක්වේ.