රොසැල්ලේ දී වෑන් රියක් පාරෙන් ඉවතට



 
රංජිත් රාජපක්ෂ  

                                           
කොළඹ සිට තලවකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වු  වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වී ඇති බව වටවල පොලිසිය කියයි.


අද (18) අලුයම 3ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල මංසන්ධියේදිය.


අධික වේගයෙන් ධාවනය වී ඇති වෑන් රථයේ රියදුරාට නින්ද යාමෙන් ධාවනය වෙමින් තිබු වෑන් රථය මාර්ගයේ පැති ආරක්ෂිත කණුවක් ද කඩාගෙන මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වී කන්දක හැපී මෙම අනතුර සිදු වී ඇති බව වටවල පොලිසිය පවසයි.


මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බව අනතුර පිළිබඳ පරික්ෂණ පවත්න වටවල පොලිසිය කියයි.