රොක්හිල් රක්ෂිතයේ ගින්නක්


(නිශාන්ත කුමාර)

බදුල්ල, ඉඹුල්ගොඩ ගම්මානයට ඉහළින් පිහිටි රොක්හිල් රක්ෂිතයට අද (29) රාත්‍රී කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට ගින්න මීටර් 60 ක් පමණ ගින්න කන්ද ඉහළට සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින  බව රක්ෂිතයට පහළින් පිහිටි ගම්මානවල ජනතාව පවසති.

මෙම රක්ෂිතය තුළ ජල උල්පත් රැසක් ද ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

ගින්න පාලනය කිරීම් සඳහා මේ වන විටත් යුද හමුදා කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත්කර යවා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.