(සිරිනිහාල් ගමගේ)
රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගාල්ල අක්මීමන කාර්යාලය අද (11) පෙරවරු සම්පුර්ණයෙන්ම වසා දැමීමට සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
එම ප්‍රධාන කාර්යාලයේ කොවිඩ් ආසාදිතයකු සේවය කර තිබීමෙන් එසේ සිදු කර තිබේ.
එම විද්‍යාපිඨයේ කාර්ය මණ්ඩලයේ සේවය කළ වයස 54ක් පමණ වන මැදකිබිය පදිංචිකරුවකුට හා ඔහුගේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට පි සි ආර් පරීක්ෂණ වලින් තහවුරු වීමෙන් මෙසේ ඔහු සේවය කළ ස්ථානය වසා දමා නිරෝධානයට ලක් කරන බව පැවසීය.
මෙම විද්‍යාපීඨය මේ වනවිට ආරක්ෂක අංශ මගින් නිරෝධායන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බැවින් එම කාර්යාලය පවත්වාගෙන ගියේ නේවාසික ගොඩනැගිල්ලක වන අතර එසේ තිබු කාර්යාලය මෙසේ වසා දමා ඇත.